ජනපති හෝ පවුලේ අයෙකු ඝාතනයට සැලසුම් කළ බව කියන සැකකරු තවත් දින 11 ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

Thursday, 05 December 2019 - 16:48

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%9D+%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+11+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ ඔහුගේ පවුලේ සාමාජිකයෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු එළැඹෙන 16 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී තිබෙනවා.

ඒ, කටුනායක පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එම සැකකරු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමෙන් පසු ඔවුන් කළ  ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෝ ඔහුගේ පවුලේ සාමාජිකයෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 03 වැනිදා සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ කටුනායක - අමන්දොළුව - ජයවර්ධනපුර ප්‍රදේශයේදීයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර දෙමළ ජාතිකයින් තුන්දෙනෙකු සහ මුස්ලිම් ජාතිකයෙකු වූ අතර, ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව දෙමළ ජාතිකයින් තුන් දෙනා මුදාහැර තිබුණා.

ප්‍රධාන සැකකරු බවට අනාවරණ වී තිබූ වාලච්චේන - ඔට්ටමාවඩි - මීරාවොඞ් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මුස්ලිම් ජාතිකයා පෙරේදා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සී.ඒ. සමරදිවාකර හමුවට ඉදිරිපත් කළා. එහිදී පැය 72 ක කාලයක් රැඳවුම් නියෝග මත සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමිවුණා.

කෙසේ වෙතත්, ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරු ඊයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා එළැඹෙන 16 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙසයි. එම ඉල්ලීම පිළිගත් මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය සැකකරු එදින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදුන්නා.

මේ අතර, මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කිරීම සඳහා නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද පොලිස් මූලස්ථානය වෙත පැමිණියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories