තවදුරටත් ගිගුරුම් සහිත වැසි - ගංවතුරට කොටු වූ වැලිකන්දේ ගොවීන් පිරිසක් මුදා ගැනේ

Thursday, 05 December 2019 - 19:18

%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92+-+%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් මිලිමිටර 100 ඉක්ම වු තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම,අනුරාධපුරය, පොලොන්නරුව, නුවරඑලිය, මොනරාගල සහ බදුල්ල යන දිස්ත්‍රික්ක වලට මෙම වැසි වැඩිවිය හැකියි.

මේ අතර, පොලොන්නරුව - වැලිකන්ද - මාදුරුඔය - කුඩා ඔය ප්‍රදේශයේ ගංවතුරට කොටුවී සිටි පුද්ගලයින් 7 දෙනෙකු පැය 08 පමණ මෙහෙයුමකින් පසුව පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකාය එක්ව මුදා ගෙන තිබෙනවා.

පොලීසිය සදහන් කළේ ඔවුන් අද උදෑසන ගොවිතැන් කටයුතු සදහා පැමිණි අවස්ථාවේදී මාදුරුඔය අමුණ පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් කොටුවී සිටි බවයි.

එමෙන්ම, අධික වර්ෂාවත් සමග අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්ක ඇතුළු ප්‍රදේශ රැසක ජලාශ වාන් දමන අතර, වාන් දොරටුද, තවදුරටත් විවෘත ව පවතින බවයි අපදා කළමනාරකණ මධ්‍යස්ථානය සදහන් කළේ.

මීට අමතරව, බදුල්ල, මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට නායයාමේ අවදානමක් ද නිකුත් කර තිබෙනවා.

මේ අතර, පස් කදු කඩා වැටීම අවධානමක් හේතුවෙන් බදුල්ල - පස්සර හරහා ලූණුගල දක්වා දිවෙන මාර්ගය අද පස්වරු 6 සිට වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. පසුගිය දිනවල මෙම මාර්ගය සංවර්ධන කටයුතු සදහා පස් කදු කපා දමා තිබුණා.

මේ අතර, දිස්ත්‍රික්ක 16ක ට බලපා ඇති අයහපත් කාලගුණයෙන් පුද්ගලයින් 30,000කට වැඩි ප්‍රමාණයක් පිඩාවට පත්ව සිටිනවා.
    


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories