කරුංකා, ගම්මිරිස් ඇතුළු සුළු අපනයන භෝග ආනයනය සහ ප්‍රති අපනයනය තහනම්

Friday, 06 December 2019 - 7:27

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%2C+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1+%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C+%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
ගම්මිරිස්, කරුංකා ඇතුළු සුළු අපනයන භෝග ආනයනය සහ ප්‍රති අපනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගම්මිරිස්, කරුංකා, කුරුඳු, සියඹලා, සාදික්කා, වසාවාසි, කරදමුංගු, ඉඟුරු සහ කරාබුනැටි ආනයනය සහ ප්‍රතිඅපනයනය තහනම් බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

දේශීයව සුළු අපනයන භෝග වගා කිරීම දිරිමත් කිරීම මෙම තීරණයට එළඹීමට ප්‍රධානතම හේතු වී ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ භෝග වගාවන් සඳහා වඩාත් යෝග්‍ය වන පරිසර තත්ත්වයන් සහිත ප්‍රදේශවල එම වගාවන් ව්‍යාප්ත කිරීම සඳහා වගාකරුවන් දිරිමත් කිරීමේ පියවර කිහිපයක් ඉදිරියේදීත් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.  

මීට අමතරව පසුගිය රජය සමයේ මහත් මතභේදයට තුඩු දුන් කසල ආනයනය සහ ප්‍රති අපනයනය ද තහනම් කර තිබෙනවා. ඒ අනුව කුමන හෝ ආකාරයකින් විදේශීය අපද්‍රව්‍ය මෙරටට ගෙන්වීම හෝ ප්‍රතිඅපනයනය අද සිට තහනම් වනවා.

එමෙන්ම, වෙසක් කූඩු, සරුංගල් සහ හඳුන්කූරු ආනයනය ද ගැසට් නිවේදනයක් මගින් රජය තහනම් කර තිබෙනවා. එමගින් ද දේශීය කර්මාන්තරුවන් දිරිගැන්වීමට අපේක්ෂා කරන බවයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories