තෙලංගානාවේ පශු වෛද්‍යවරිය දූෂණය කර, ඝාතනය කළ සැකකරුවන්, පොලිස් වෙඩි පහරින් මරුට

Friday, 06 December 2019 - 9:01

%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%81%E0%B7%94+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%2C+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ පශු වෛද්‍යවරියක සමූහ දූෂණයට ලක් කර, ඝාතනය කර පිළිස්සූ සැකකරුවන් 4 දෙනා පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වී තිබෙනවා.

හයිද්‍රාබාද් නුවර ආසන්නයේදී පසුගිය 28 වන දා එම සිද්ධිය වාර්තා වූ අතර, සැකකරුවන් අද අලූයම් කාලයේ සිද්ධිය වූ ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ ඒ පිළිබද පුනරූපනයක් ආදර්ශනය කිරීමටයි.

කෙසේ නමුත්, එහිදී පළා යාමට තැත් කළ ඔවුන් පොලීසිය වෙඩි තැබීමේදී ජීවිතක්ෂයට පත්වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරුවන් තම ආයුධ පැහැරගෙන වෙඩි තැබීමට ද උත්සාහ කළ බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ වයස අවුරුදු 20ත්, 26ත් අතර ලොරි රථ රියදුරන් සහ පිරිසිදු කරන්නන් 4 දෙනෙක්.

ඔවුන් එම පශු වෛද්‍යවරිය සිය යතුරුපැදිය නවතා සේවයට ගොස් යළි පැමිණීමේදී මෙලෙස පැහැරගෙන, දූෂණය කර ඝාතනය කර ඇති අතර, ඇගේ සිරුර පුළුස්සා ඇත්තේ සාක්ෂි සැඟවීමේ අදහසින්.

අද අලූයම සිදුවූ සිද්ධියේදී ඔවුන් සියළු දෙනාම පොලිස් වෙඩි පහරින් මිය ගිය බව තෙලංගානා පොලීසිය තහවුරු කළා.

පශු වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය ඉන්දියාවේ කාන්තා හිංසනට එරෙහි දැවැන්ත විරෝධතාවලට හේතු වූ අතර, අධිකරණය මේ පිළිබද නඩුව කඩිනමින් විභාග කර අවසන් කිරීමට ද තීරණය කර තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories