මූල්‍ය වංචාවක් සිදුකිරීමේ චෝදනාවකට වරදකරු වූ පෞද්ගලික සමාගමක සේවය කළ ගණකාධිකාරිවරයෙකුට වසර 367 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 19 ක දඩ මුදලක් කොළඹ මහාධිකරණය විසින් අද නියම කළා.
2000 සහ 2001 වසර තුළ පැමිණිලිකාර සමාගමේ සේවය කළ ගණකාධිකාරිවරයා රුපියල් ලක්ෂ 21කට අධික මුදලක් වංචා කර ඇති බවටයි චෝදනා එල්ල වී තිබුණේ.
ඒ අනුව, 2007 වසරේදී ඔහුට එරෙහිව නඩු පවරා තිබූ අතර, එම වසරේදීම ඇප මත අදාළ ගණකාධිකාරිවරයා මුදා හැර තිබුණා. සැකකරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුරුව, ඔහු අධිකරණය මඟ හැරීම හේතුවෙන් ඔහු නොමැතිව සාක්ෂි විභාගය පැවැත්වීමටයි අධිකරණය පියවර ගත්තේ.
පසුව, විත්තිකරුට එරෙහිව නගා ඇති අධි චෝදනා 19 ටම ඔහු වරදකරු බවට නිගමනය කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු බී. ශෂී මහේන්ද්‍රන් තීරණය කරනු ලැබුවා.
ඒ අනුව, එක් එක් අධි චෝදනාවන්ට නියම කළ සිරදඬුවම් වෙන් වෙන්ව ගෙවී යන පරිදි ලබාදීමටයි නියෝග කර තිබෙනවා.
පළමු අධි චෝදනාවට වසර 7 කුත්, සෙසු අධි චෝදනා 18 ට බරපතල වැඩ සහිතව වසර 20 බැගින් වූ සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා, අධිකරණය මඟ හැර සිටින අදාළ ගණකාධිකාරිවරයා දුටු තැන අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් ද, නිකුත් කළා.
එය කටුනායක සහ මත්තල ගුවන්තොටුපල වෙතටත් ආගමන විගමන පාලකවරයා සහ රාජ්‍ය බුද්ධි අංශ සේවා වෙත යැවීමටත් විනිසුරුවරයා නියෝග කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

Follow US
Most Viewed Stories