බ්‍රිගේඩියර් ප්‍රියංකට රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද හිමියි - වෙස්ට්මිනිස්ටර් අධිකරණ තීන්දුව පිටුපස දේශපාලන පෙළඹවීම් - විදේශ අමාත්‍යාංශය කියයි

Saturday, 07 December 2019 - 17:07

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%80%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%83+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B6%B9%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සිදු කළ විරෝධතාවයකදී තර්ජනාත්මක හස්ත සංඥාවක් සිදුකිරීමේ සිද්ධියට වරදකරු වී සිටින බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට තවදුරටත් රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද හිමිවන බව විදේශ සබඳතා අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය අවධාරණය කළේ වෙස්මිනිස්ටර් අධිකරණයේ තීන්දුව දේශපාලන පෙළඹවීමක් මත සිදුවූවක් බවයි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එම චෝදනාවට වරදකරු බවට එරට වෙස්ට්මිනිස්ටර් අධිකරණය ඊයේ තීන්දු කළා.

එහිදී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එම අධිකරණය නියෝග කරනු ලැබුවේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගෙන් දඩයක් ලෙස ස්ටර්ලිං පවුම් 2400ක් අය කර නඩුව අවසන් කරන ලෙසයි.

2018 වසරේ පෙබරවාරි 4 වන දා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ එල්.ටී.ටී,ඊ, හිතවාදීන් පිරිසකට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සිදුකළ හස්ත සංඥාව සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණා.

ඒ වනවිට ඔහු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකයෙකු ලෙසයි කටයුතු කළේ.

විදේශ සබඳතා අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ 1961 රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ 31 වන වගන්තියට අනුව, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සිටි රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද හිමිවන බවයි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මෙම සිද්ධියෙන් පසුව, වත්තල රණවිරු සම්පත් කේන්ද්‍රයේ රාජකාරි කළ අතර, ඔහු මේ වනවිට යුද හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කරනවා.

මේ අතර, වෙස්ට්මිනිස්ටර් අධිකරණය ලබාදුන් තීන්දුව අනුව අදාළ දඩ මුදල නොගෙවා ඒ වෙනුවට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බව ද, ආරංචි මාර්ග අනාවරණ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories