ආනයනික කිරිපිටි මිල අද සිට පහළට

Monday, 09 December 2019 - 7:43

%E0%B6%86%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරි පිටි මිල පහත හෙළා තිබෙනවා. පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්.එස්.එම්. ෆවුසර් සඳහන් කළේ ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක මිල රුපියල් 40 කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 15 කින් පහත දමා ඇති බවයි.

ඒ අනුව රුපියල් 985 ක්ව පැවති කිලෝ ග්‍රෑමයක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 945 දක්වා පහත දමා ඇති අතර, රුපියල් 395 ක් ව පැවති ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල වන්නේ රුපියල් 380 ක්.

සියයට 15 ක්ව පැවති වැට් බද්ද සියයට 7 දක්වා පහත හෙළීම සහ ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කිරිම මෙලෙස මිල පහළ දැමීමට හේතුවී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories