නවසීලන්තයේ ගිනිකන්දක් පුපුරයි

Monday, 09 December 2019 - 9:58

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නවසීලන්තයේ වයිට් අයිලන්ඞ් හි පිහිටි ගිනිකන්දක් පුපුරායාමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් විසිදෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

ගිනිකන්ද පුපුරායාමට සුළු මොහොතකට පෙර මෙහි ආවාටය මායිම තුළ සංචාරකයින් ගමන් කරන ආකාරය දැක්වෙන ඡායාරූප ට්විටර් පණිවුඩ ඔස්සේ හුවමාරු වෙමින් පවතින අතර, ඔවුන්ට කුමක් සිදුවූයේදැයි මෙතෙක් තහවුරු වී නැහැ.

නවසීලන්තයට නැගෙනහිරින් පිහිටි මෙය ක්‍රියාකාරී ගිනිකන්දක් වන අතර, එසේ තිබියදී මෙම දූපත සංචාරකයින්ගේ මර්මස්ථානයක්ව පැවතියා.

කෙසේ වෙතත් නවසීලන්තයේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ජෝන් ටයිම්ස් සඳහන් කළේ මේ වනවිට පොලීසියට හෝ මුදාගැනීමේ කණ්ඩායම්වලට අදාළ දූපත වෙත යාම අතිශය භයානක බවයි.

එහි රැඳී සිටින සංචාරකයින් කිසිවෙකු සම්බන්ධ කරගැනීමට නොහැකිවී ඇතැයිද ඔහු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories