බිරිඳට කළ විහිළුවට උරණ වූ සැමියාගෙන් මිතුරාට කඩු පහරක්

Monday, 09 December 2019 - 9:59

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%8B%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
තම මිතුරාට කඩුවකින් පහරදුන් පුද්ගලයෙකු අද (09) අලුයම හිඟුරක්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා විසින් ඊයේ (08) රාත්‍රියේ මෙම පහරදීම සිදුකර ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

මිතුරන් දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් මෙම පහර දීමට හේතුවී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පහර කෑමට ලක්වූ පුද්ගලයා ඊයේ පස්වරුවේ බුලත් විටක් කෑමට සිය මිතුරාගේ නිවසට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේ ඔහු විසින් සිය මිතුරාගේ බිරිඳට සිදුකළ නොහොබිනා විහිළුවක් මිතුරන් දෙදෙනා අතර ගැටුමට හේතුවී ඇති බව සඳහන්.

එම අවස්ථාවේ අනෙක් මිතුරා විසින් සිය නිවසට පැමිණි මිතුරාට කඩුවකින් පහරදී බරපතල තුවාල සිදුකර තිබෙනවා.

පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල් ගතකර ඇති අතර ඔහු මේ වනවිට පොළොන්නරුය මහා රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාර පුද්ගලයා අද (09) දින හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories