දඹුල්ලෙන් වැටලූ කුණු අල ජාවාරම

Monday, 09 December 2019 - 11:32

%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%96+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%BD+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8
පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තෝරා නැවත වෙළඳපොළට යැවීමේ ජාවාරමක් අනාවරණය කර ගැනීමට  දඹුල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා සහ පරිසර පොලිසිය සමත්ව තිබෙනවා.

දඹුල්ල - කණ්ඩලම ප්‍රධාන මාර්ගයේ තුනේ කනුව ප්‍රදේශයේ වී මෝලක ගබඩාවක් තුල මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කම්කරුවන් යොදවා පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තෝරන බවට ප්‍රදේශවාසීන් විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

දඹුල්ල මහ නගර සභාව, දඹුල්ල පොලීසියේ පරිසර ඒකකය එක්ව මෙම අර්තාපල් තොග සහිත ගබඩාවට මුද්‍රාතබා විදේශ රටවල සිට මෙම අර්තාපල්  ගෙන්වූ පුද්ගලයින් සහ වෙළඳපොළට යැවූ පුද්ගලයින් පිළිබඳව සොයා බලා නීතිමය පියවර ගන්නා බවයි නගරාධිපතිවරයා සඳහන් කළේය.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories