නායකත්ව වෙනස ගැන එජාප සාකච්ඡා කල් යයි

Monday, 09 December 2019 - 12:38

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් අද ආරම්භ කිරීමට නියමිතව තිබූ සාකච්ඡා කල් දමා තිබෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා කියා සිටියේ මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ජා පැවැත්වෙන බවයි.

පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ විවිධ මත ගැටුම් හටගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉදිරි දින කිහිපය තුළ ගත යුතු බවයි ඔහු කියා සිටියේ. නව නායකත්වයක් මහ මැතිවරණයෙන් පසු බිහිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සඳහන් කළා.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළු පිළිබඳව සොයාබැලීම සඳහා කමිටුවක් පත් කිරීමටද යෝජනාවී තිබෙනවා.

පසුගියදා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් සාකච්ජා වී ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ජාතික යොවුන් පෙරමුණේ රැස්වීමක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අද පැවැත්වෙන බවයි පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories