කොළඹ නගරයට පෞද්ගලික රථ වාහන ඇතුළු කිරීම සීමා කිරීමට අවධානය

Tuesday, 10 December 2019 - 13:17

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BB%E0%B6%AE+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
කොළඹ නගරයට පෞද්ගලික රථ වාහන ඇතුළුවීම සිමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවදානය යොමු වී තිබෙනවා.

කොළඹ නගර සීමාවට ඇතුළු වන රථ වාහන සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බැවින් ඇතිවන මාර්ග තදබදය මේ හේතුවෙන් පාලනය කළ නොහැකි වී ඇති බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.

කෙසේ වෙතත්, කොළඹට ඇතුළු වන වාහන වර්ගීකරණයකට ලක්කොට ඒ සඳහා ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීම සම්බන්ධයෙන් ද එම අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබෙනවා.

එමෙන්ම, රථ වාහන තදබදය අවම කිරීම සඳහා ජනතාවට විධිමත් පොදු ප්‍රවාහන සේවයක් ද ආරම්භ කිරීමටයි රජය තීරණය කර ඇත්තේ.

ඒ සඳහා සුඛෝපභෝගී පොදු ප්‍රවාහන සේවයක් යොදවන බවයි මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories