බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ තනතුරක්

Tuesday, 10 December 2019 - 17:07

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B7%82+%E0%B6%AD%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකයෙකු ලෙස කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු, යුද හමුදා මූලස්ථානයේ නව තනතුරකට පත් කර තිබෙනවා.

ඒ, ඉඩම්, දේපළ සහ භට නිවාස නව අධ්‍යක්‍ෂවරයා ලෙසයි. ඒ අනුව ඔහු අද එම ධුරයේ රාජකාරි කටයුතු ආරම්භ කළ බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සිදු කළ උද්ඝෝෂණයකදී තර්ජනාත්මක හස්ත සංඥාවක් සිදුකළ බවට චෝදනා ලබා සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එම චෝදනාවට වරදකරු බව එරට වෙස්ට්මිනිස්ටර් අධිකරණය පසුගියදා තීරණය කළා.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එම අධිකරණය නියෝග කළේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගෙන් දඩයක් ලෙස ස්ටර්ලිං පවුම් 2400ක් අය කර නඩුව අවසන් කරන ලෙසයි.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මෙම සිද්ධියෙන් පසු මෙරටට කැඳවූ අතර, පසුව වත්තල රණවිරු සම්පත් කේන්ද්‍රයේ රාජකාරි කටයුතු සඳහා අනුයුක්ත කෙරුණා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories