අමාත්‍යාංශ විෂය පථයන් සහිත ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Wednesday, 11 December 2019 - 6:49

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%BA+%E0%B6%B4%E0%B6%AE%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
අමාත්‍යාංශවල විෂය පථයන් සහිත ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 - 1 ව්‍යවස්ථාවට සහ 46 - 1 ව්‍යවස්ථාවට අනුකූලව මෙලෙස අමාත්‍යවරුන්ට අයත් විෂයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, සංස්ථා සහ ව්‍යවස්ථාපිත ආයතන මෙමගින් ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඒ අනුව ත්‍රිවිධ හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, රාජ්‍ය රහස් තොරතුරු සේවය ගැසට් කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේයි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඇතුළු ආයතන 31ක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබෙනවා.

මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය යටතේ මහා භාණ්ඩාගාරය, මහබැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිසම මෙන්ම සියළු රාජ්‍ය බැංකු සහ ඒවායේ පාලිත සමාගම් ඇතුළු ආයතන 48ක් ඇතුළත්.

සියළු ආගමික කටයුතු දෙපාර්තමේන්තු, මෙන්ම පුරාවිද්‍යා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු ගැසට් කර ඇත්තේ බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ සේවක අර්ථ සාධක අරමුදල, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය යටතේ ගැසට් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය මාධ්‍ය ආයතන ගැසට් කර ඇත්තේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය යටතේයි.



අමාත්‍ය විෂයපතයන් සහ කාර්යයන් ඇතුළත් සම්පුර්ණ ගැසට් පත්‍රය මෙතනින්












Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories