ප්ලාස්ටික් බෝතල් අවම කරන්න ශ්‍රී පාදය මුදුනට නළ ජලය

Wednesday, 11 December 2019 - 12:56

%E0%B6%B4%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A++%E0%B6%B6%E0%B7%9D%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B6%A7+%E0%B6%B1%E0%B7%85+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA
සිරිපා කරුණ කරන බැතිමතුන්ගේ පහසුව සඳහා සීත ගඟුලේ සිට උඩමළුව දක්වා නළ මාර්ගයෙන් පානීය ජලය සැපයීමේ ව්‍යාපෘතියක් ධර්ම සුගන්ධය මනුසත් පදනම විසින් ආරම්භ කර තිබෙනවා.

එහි ලේකම් පියතිස්ස වික්‍රමරත්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පරිසරයට මුදාහැරෙන පානීය ජල බෝතල් මගින් ශ්‍රී පාද අඩවිය ආරක්ෂා කරගැනීම මෙහි අරමුණ බවයි.

ජල නල  එළීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ දායකත්වයද ලැබී ඇති අතර, මේ සඳහා අරමුදල් සපයා දෙන ලෙසයි ධර්ම සුගන්ධය මනුසත් පදනම රජයෙන් සහ පෞද්ගලික අංශවලින් ඉල්ලා සිටින්නේ.

2019 - 2020 සිරිපා වන්දනා සමය අදින් ආරම්භ වූ අතර, පැල්මඩුල්ල - ගල්පොත්තාවල රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ සමන් දේව ප්‍රතිමාව සහ දේවාභාරණ අද අලූයම සුබ මොහොතින් උඩමළුවේ තැන්පත් කරනු ලැබුවා.

මේ වනවිටත් ශ්‍රී පාද වන්දනා කිරීම සඳහා  බැතිමතුන් විශාල පිරිසක් පැමිණෙමින් සිටින බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories