ආණ්ඩු පක්ෂ රැස්වීමක් අද - තවත් බදු සහන ගැනත් සාකච්ඡා

Thursday, 12 December 2019 - 8:53

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+-+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F
ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද පස්වරු 6 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

ඒ, කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයේදියි.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්ම සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද මෙම සාකච්ඡාව සඳහා පැමිණෙන ලෙස දන්වා තිබෙනවා.

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු පැවැත්වෙන පළමු ආණ්ඩු පක්ෂ සාකච්ඡාව මෙය වන බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ප්‍රකාශ කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ජනතාවට ඉදිරියේදී ලබාදිය හැකි බදු සහන සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිත බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories