ජීවිත රැසක් බිලිගත් දැවැන්තයා ඇල්ලූ මෙහෙයුම

Thursday, 12 December 2019 - 12:14

%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8
පොළොන්නරුව, බකමූණ ප්‍රදේශයේ සැරිසරමින් මිනිස්  ජීවිත සහ දේපල හානිකළ වන අලියෙක් දැවැන්ත මෙහෙයුමකින් අනතුරුව අද (12) පෙරවරුවේ අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන් සමත්ව තිබෙනවා.

බකමූණ, බුදුරුව යාය ප්‍රදේශයේදී මෙම වන අලියා අල්ලා ගැනීමට හැකිවූ බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.

උස අඩි අට හමාරක් පමණ උස වන අලියා වයස අවුරුදු 35 ක පමණ පිරිමි සතෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම වන අලියා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන යාමට නියමිත අතර ගිරිතලේ වනජීවී නිලධාරීන් සහ අනුරාධපුර වනජීවී නිලධරීන් මෙම වන අලියා අල්ලා ගැනීමේ මෙහෙයුම සඳහා එක්ව සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories