ස්විස් තානාපති නිලධාරිණියගේ නඩුව පස්වරුවට කල්යයි

Thursday, 12 December 2019 - 12:32

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පැහැර ගැනීමට ලක් වූ බව කියන මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට දේශීය වශයෙන් බදවා ගත් නිලධාරිණියක වන ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් සම්බන්ධයෙන් වන නඩුව කැදවීම අද පස්වරු දෙක දක්වා කල් දමනු ලැබුවා.

එම නඩුව අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැඳවූ අතර, එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පැමිණීමට හැකියාව ඇත්තේ පස්වරු දෙකට බව අධිකරණයට දැනුම්දී ඇති බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

ඒ අනුව අදාළ නඩුව කැඳවීම පස්වරු දෙක දක්වා කල් තැබීමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

මෙම කාන්තාවට අධිකරණයේ අවසරයකින් තොරව විදෙස් ගතවීම වළක්වාලමින් අද දිනය දක්වා තහනමක් ද පනවා තිබෙනවා.

පසුගිය සඳුදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළේ මෙම කාන්තාව පැහැරගැනීමට ලක් වූ බව කියන දින කිසියම් ලිංගික අපයෝජනයකට හෝ පහරකෑමකට ලක්ව ඇත්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසටයි.

එමෙන්ම ඇයගේ මානසික මට්ටම පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙසටද නියෝග කෙරුණා.

පැහැරගැනීමට ලක්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙම කාන්තාවගෙන් මීට පෙර අවස්ථා 3කදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගත්තා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පස්වරුවේ ඊට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය ඇතුළත් වැඩිදුර වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories