සාෆිට එරෙහි නඩුවේ යළි ප්‍රකාශ සටහන් කරගැනීමට සී.අයි.ඩී.යට අවසර

Thursday, 12 December 2019 - 12:44

%E0%B7%83%E0%B7%8F%E0%B7%86%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ෂිහාබ්දීන් එරෙහි නඩුවේ සාක්ෂිවල පරස්පරතා ඇත්නම් යළි ප්‍රකාශ සටහන් කරගැනීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (12) අවසර ලබාදුන්නා.

ඒ, අයථා ලෙස මුදල් ඉපයීම, ත්‍රස්තවාදයට ආධාර අනුබල දීම සහ වඳ සැත්කම් සිදු කිරීම යන චෝදනා එල්ල සම්බන්ධයෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි ෂිහාබ්දීන් එරෙහි නඩුව පෙරවරුවේ කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් හමුවේ කැඳවූ අවස්ථාවේදියි.  

එහිදී අධිකරණය හමුවේ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ නව පරීක්ෂණ කණ්ඩායමක් මගින් මෙහි පරීක්ෂණ කටයුතු යළි සිදුකරන බවයි.

ඒ අනුව නඩුව යළි ලබන වසරේ ජනවාරි මස 16 වනදා කැඳවීමටයි නියෝග කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories