රජයේ ආයතන සහ සමාගම්වල සේවකයන්ට, බෝනස් දෙන්න මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය

Thursday, 12 December 2019 - 16:55

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%2C+%E0%B6%B6%E0%B7%9D%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
රජය සතු ව්‍යවස්ථාපිත ආයතන සහ රජයේ සමාගම්වල සේවක මණ්ඩලවලට මේ වසර සඳහා ප්‍රසාද දීමනා ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් අනුමත කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය සමාගම්වල ප්‍රධානීන් සහ ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් වෙත මහා භාණ්ඩාගාරය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව, 2018 ගිණුම් වසරේ මූල්‍ය වාර්තා පදනම් කර ගනිමින් පසුගිය වසරේ ලබාදුන් ආකාරයට ප්‍රසාද දීමනා ගෙවන ලෙසටයි දැනුම්දී ඇත්තේ.

තම ආයතනවලට අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර නොමැති අවස්ථාවක වුව ද, රාජ්‍ය ආයතන වෙතින් ගෙවිය යුතු සියලු ව්‍යවස්ථාපිත ගෙවීම් සිදුකිරීමට යටත්ව මේ වසරේ ප්‍රසාද දීමනා ගෙවීමට ද අවසරය හිමිව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories