මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම අත්සන් කිරීමට, රජය කිසිදු තීරණයක් ගෙන නැහැ - නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

Friday, 13 December 2019 - 11:18

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%9A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%A0%E0%B7%90%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7%2C+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B7%82%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම හෙවත් එම්.සී.සී. ගිවිසුම, ඇක්සා සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීමට රජය මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නා.

ඒ, අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥ දර්ශන වේරදූවගේ, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුළුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද කැඳවූ අවස්ථාවේදීයි.

එමෙන්ම, අදාළ ගිවිසුම් නැවත සමාලෝචනය කිරීමටද කටයුතු කරමින් සිටින බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ.

බුවනෙක අළුවිහාරේ, එස්. තුරෙයිරාජා, මූර්දු ප්‍රනාන්දු, එල්.ටී.බී.දෙහිදෙනිය සහ ගාමිණී අමරසේකර යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද මෙම පෙත්සම් කැඳවනු ලැබුවා.

ඒ අනුව පෙත්සම් ලබන වසරේ මාර්තු 25 වැනිදා යළි සලකා බැලීමටයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල දින නියම කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories