ස්විස් තානාපති නිලධාරිනිය සී.අයි.ඩී.යට පැමිණේ

Friday, 13 December 2019 - 12:39

%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%9A
පැහැර ගැනීමට ලක්වූවා යැයි පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරීනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් අද සිව් වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණියා.

ඒ, විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීම සඳහායි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ අදාළ තැනැත්තිය විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමුකර වාර්තාවක් ලබාගෙන එය ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ඒ අනුව අද ඇය මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එහිදී ලබාදෙන වාර්තාවත් සමඟ, ඇය පිළිබඳව සිදුකරන ලද කායික වෛද්‍ය වාර්තාවද ඉදිරිපත් කළ හැකි බව අධිකරණ වෛද්‍ය නිලධාරිනිය දැනුම් දී ඇති බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට දැනුම් දුන්නේ.

පැහැර ගැනීමට ලක්වූවා යැයි පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරීනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගේ නඩුව ඊයේ දිනයේදී කැඳවූ අවස්ථාවේදී ඇයට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනමද මේ මස 17 වැනිදා දක්වා යළි දීර්ඝ කරනු ලැබුවා.

මේ අතර, සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන් කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ පැහැර ගැනීමට ලක්වූවා යැයි පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරීනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ගේ සිද්ධිය පිටුපස ඇති ක්‍රියාදාමය සම්බන්ධයෙන් නීතිය නිසි අයුරින් ක්‍රියාත්මක කරන ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories