පොලිස් ලොක්කන් කිහිප දෙනෙකු අදත් පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමට

Friday, 13 December 2019 - 12:45

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද දිනයේදීත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සාක්ෂි ලබාදීමට නියමිතයි.

තලංගම පොලිස් ස්ථානයේ ස්ථානාපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී. අනිල් ජයරත්න, කොළඹ උතුර කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී එච්.ඞ්. නෙරංජල අබේවර්ධන සහ මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.අයි. සුදත් ප්‍රියන්ත ඒකනායක අද දිනයේ සාක්ෂි ලබාදෙනු ඇති.

මේ අතර, පාස්කු ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යොමු කළ ලිපිය තමන්ට නොලැබුණු බවයි ජනාධිපති කොමිසම හමුවේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ඊයේ අනාවරණ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories