රාජිතට එරෙහිව ජා.නි.පෙ.න් සී.අයි.ඩී.යට පැමිණිල්ලක්

Friday, 13 December 2019 - 12:53

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B1%E0%B7%92.%E0%B6%B4%E0%B7%99.%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93.%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
නිසි අයුරින් රජයට පවරා නොගත් නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට රජයේ මුදල් යෙදවීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අවභාවිතාවක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ජාතික නිදහස් පෙරමුණ අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඞ් මුසම්මිල් අද පෙරවරුවේ මෙම සිදුවීමට අදාළව පැමිණිලි කිරීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ගිය ද, එහිදී ඔහුගේ පැමිණිල්ල භාරගෙන තිබුණේ නැහැ.

ඉන් අනතුරුව ඔහු ඒ සම්බන්ධයෙන් මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඉන් අනතුරුවයි ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, මොහොමඞ් මුසම්මිල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ල ඉදිරිපත් කළේ.

එමඟින් ඔහු දක්වා තිබුණේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලට වසරකදී රජයේ මුදල් රුපියල් ලක්ෂ 30,000 ක් පමණ යෙදවීමෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රජයේ මුදල් අවභාවිත කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories