විදුලිබල ක්ෂේත්‍රයේ ගැටළු ජනපතිගේ අවධානයට

Friday, 13 December 2019 - 13:23

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
විදුලිබල ක්ෂේත්‍රයේ පවතින ගැටළු අධ්‍යයනය කර එම ගැටළු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කඩිනම් විසදුම් ක්‍රියාත්මක කිරීම පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිළධාරීන් සමඟ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදියි.

ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙහිදී අදාළ අමාත්‍යාංශය මුහුණ පා ඇති ගැටළු පිළිබදව මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව ව්‍යාපෘති පිළිබදව ද සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර නිසි ශක්‍යතා අධ්‍යයනයන් සිදුකිරීමේ වැදගත්කම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories