මහියංගනය ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ඡන්ද 16කින් පරාජය වේ

Friday, 13 December 2019 - 16:45

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+16%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%9A
මහියංගනය ප්‍රාදේශීය සභාවේ ලබන වසර සඳහා වූ අයවැය වැඩි ඡන්ද 16කින් පරාජයට පත්ව තිබෙනවා.

මහියංගනය ප්‍රාදේශීය සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට හිමි අතර එහි සභාපතිවරයා විසින් අයවැය අද (13) සභාවට ඉදිරිපත් කර තිබුණා.

කෙසේ වෙතත්, ඊට පක්ෂව සභාපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 3 දෙනෙකු පමණයි ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 7 දෙනෙකු ප්‍රාදේශීය සභාවේ සිටින අතර, ඉන් 4 දෙනෙකුම ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්.

මීට අමතරව, මහියංගනය ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරුන් 08 දෙනාගෙන් 07 දෙනෙකු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 04 දෙනෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු ද, අයවැයට එරෙහිව ඡන්දය භාවිත කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories