රාජිතගේ මාධ්‍ය හමුවේ සුදුවෑන් රියදුරන් ලෙස, පෙනී සිටි දෙදෙනා අත්අඩංගුවට

Saturday, 14 December 2019 - 8:36

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83%2C+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සංවිධානය කළ සුදුවෑන් මාධ්‍ය හමුවට එක්වූ පුද්ගලයන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඔවුන් මහර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවටයි වාර්තා වුනේ.

තමන් සුදු වෑන් රියදුරන් බව පවසමින් මොවුන් අදහස් දැක්වූ මාධ්‍ය හමුව පැවැත්වුණේ පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේදියි.

පසුගිය නොවැම්බර් 10 වන දා කොළඹ දී මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න විසින්.

මෙම පුද්ගලයින් දෙදෙනා එම මාධ්‍ය හමුවට පැමිණියේ ව්‍යාජ රැවුල් ද සහිතවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories