අත්අඩංගුවට ගත් සුදුවෑන් මාධ්‍ය හමුවේ සැකකරුවන් දෙදෙනා, ප්‍රශ්න කිරීම්වලින් පසු මහේස්ත්‍රාත් හමුවට රැගෙන යයි

Saturday, 14 December 2019 - 19:28

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%2C+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සංවිධාන කළ සුප්‍රකට සුදු වෑන් මාධ්‍ය හමුවට සම්බන්ධ වී පසුව ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා රැගෙන ගොස් තිබෙනවා.

අදාළ පුද්ගලයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබූවේ මහර ප්‍රදේශයේදීයි.

පසුගිය ජනාධිපතිවරණ සමයේදී නොවැම්බර් 10 වනදා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමග කොළඹදී ව්‍යාජ රැවුලකින් සැරසී මාධ්‍ය හමුවකට එක්වූ මෙම පුද්ගලයින් දෙදෙනා සමාජයේ දැඩි කතාබහට ලක්වුණා.

එම මාධ්‍ය හමුවේදී පැහැර ගැනීම් ඳහා යොදා ගැණුනු බව කියන සුදුවෑන් රථයක රියදුරෙකු ලෙස පෙනී සිටි ඇන්තනී ප්‍රනාන්දු හා සුදුවෑන් රථයකින් පැහැර ගෙන ගොස් මුදා හැරුණු බව කියන අතුල සංජීව මදනායක අදහස් පළ කළා.

මේ සම්බන්ධයෙන් ඊට පසුදිනම සිංහලේ සංවිධානය ඇතුළු පාර්ශව කිහිපයක් පොලිස් මූලස්ථානයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනු ලැබුවා.

අපරාධයක තොරතුරු වසන් කිරීම, අපරාධකරුවන්ට නවාතැන් දීම, සැඟව සිටීමට ආධාර අනුබල දීම ඇතුළු දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් සැකකරුවන්ට එරෙහිව විමර්ශන සිදුකරන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දෙවනදා අධිකරණයට කරුණු වාර්තා කළේ.

අදාළ පුද්ගලයින් දෙදෙනා ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම විමර්ශනවල ඉදිරි පියවරක් ලෙසටයි.

ඒ අනුව, අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රකාශයක් ලබාදීමට සිංහලේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රසාද් සංජීව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories