නිවිතිගලම කම්පාකරමින් මහ මඟදී අවසන් ගමන් ගිය පින්සලෙන් අපූරු සිත්තම් මැවූ යොවුන් සිත්තරා

Monday, 16 December 2019 - 11:20

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B6%BD%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B6%9F%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B7%80%E0%B7%96+%E0%B6%BA%E0%B7%9C%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8F
පාසල් සිසුවෙක් සුඛෝපභෝගී රථයක ගැටී අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් නිවිතිගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

පසුගිය 13 වනදා මෙම අනතුර සිදුව ඇති අතර මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ චිත්‍ර ඇදීමට දක්ෂතා දක්වන එච්. ආර්. ධනූෂ ලක්ෂාන් නැමැති 19 හැවිරිදි පාසල් සිසුවෙක්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නිවිතිගල පොලිසිය මගින් සිදුකරන අතර අනතුරට ලක් කර පලා ගිය තැනැත්තා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තැනැත්තා හෙට (17) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන බවද නිවිතිගල පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.

අනතුරට ලක් වූ ධනූෂගේ අවසන් කටයුතු අද (19) දින සිදුකිරීමට නියමිතයි.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories