එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඊශ්‍රායලයට පහර දෙන බවට ඉරානයෙන් අනතුරු ඇගවීමක්

Wednesday, 08 January 2020 - 13:31

%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92+%E0%B6%91%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%87%E0%B6%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇමරිකාව විසින් තම රටට ප්‍රතිප්‍රහාර එල්ල කළ හොත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ඊශ්‍රායලයට පහර දෙන බව ඉරානය අනතුරු අගවා තිබෙනවා.

එරට විප්ලවීය හමුදාව සදහන් කළේ ඇමරිකාව නමැති ත්‍රස්ත හමුදාවට පහසුකම් සපයන සියලූ පාර්ශව ඉරානයේ ඉලක්කයක් වනු ඇති බවත්, ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීමෙන් පෙන්නුම් කළේ ඉරාන හමුදා සතු බලයේ සුළු කොටසක් පමණක් බවයි.

මේ අතර, ඉරාකයේ පිහිටි ඇමරිකානු කදවුරු දෙකකට ඉරානය මිසයිල ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු රටවල් කිහිපයක් සිය වැසියන්ට ඉරාකයේ සංචාරය කිරීමෙන් වලකින ලෙස දැනුම්දී තිබෙනවා.

ඉන්දියාව සහ පාකිස්ථානය ද ඊට ඇතුළත් අතර, ඉරාකයෙන් වහාම පිටවන ලෙසයි පිලිපීනය එරට රැදි සිටින තම පුරවැසියන්ට දැනුම්දී ඇත්තේ.  
    






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories