ඉරානය වරද පිළිගනී

Saturday, 11 January 2020 - 10:05

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
පුද්ගලයන් 176 දෙනෙකු මරුමුවට පත් කරමින් ටෙහෙරාන් නුවර ආසන්නයට කඩා වැටුණු යුක්රේන ගුවන් යානයට ප්‍රහාර එල්ල කරනු ලැබුවේ අත්වැරදීමකින් බවට ඉරාන හමුදාව පිළිගෙන තිබෙනවා.

අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට තම රජය වගවන බවයි එරට රාජ්‍ය රූපවාහිනිය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත්, යුක්රේන ගුවන් යානා අනතුරට තමන් කිසිදු සම්බන්ධතාවක් නොමැති බවට ඉරානය මීට පෙර ප්‍රකාශ කර තිබුණා.

ඉරාන ජනාධිපති හසන් රවුහානි මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත්තේ මෙම විනාශකාරී වැරැද්ද සම්බන්ධයෙන් දැඩි ලෙස කණගාටු වන බවයි.

එසේම ගුවන් අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින්ගේ පවුල් වෙත සිය ශෝකය පළ කරන බව ද එම ටිවිටර් පණිවුඩයේ තවදුරටත් සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories