යුක්රේන යානය බිමහෙලීමට විරෝධය පා ඉරාන වැසියන් වීථි බසී.

Sunday, 12 January 2020 - 7:48

%E0%B6%BA%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8F+%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%AE%E0%B7%92+%E0%B6%B6%E0%B7%83%E0%B7%93.
176 දෙනෙකු මරුමුවට පත් කරමින් යුක්රේන ගුවන් යානයක් මිසයිල ප්‍රහාරයකින් බිම හෙලීම සම්බන්ධයෙන් සත්‍යය හෙළි නොකිරීම පිළිබඳව විරෝධය දක්වමින් දහස් සංඛ්‍යාත ඉරාන ජාතිකයන් ටෙහෙරාන් අගනුවරට රොක්වී තිබෙනවා.

අත්වැරදීමකින් ගුවන් යානය බිම හෙලූ බව ඉරානය පිළිගත්තේ ඒ පිළිබඳව ඇමරිකාව සහ කැනඩාව සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මුලින් ඒ පිළිබඳ එල්ලවූ චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කළා.

මෙලෙස ජනතාව වෙතින් සත්‍යය වසන් කිරීමට එරෙහිවයි ඉරාන අගනුවර විරෝධතා පැන නැගී ඇත්තේ.

ටෙහෙරාන් නුවර සරසවි දෙකක් කේන්ද්‍ර කොටගෙන පැන නැගුණු විරෝධතාවලට කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කර තිබෙනවා. මෙම විරෝධතා දිරිගන්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක්ද නිකුත් කරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories