හිඟයකින් තොරව ඉන්ධන ලබාදීමට අවශ්‍ය තොග සංචිත පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තහවුරු කරයි

Tuesday, 14 January 2020 - 15:06

%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%80+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%A2+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%84%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට අවශ්‍ය ඉන්ධන තොග පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඉදිරි කාලය තුළදී ඉන්ධන රැගත් නෞකා කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිත බවයි එහි නිලධාරීන්, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් ඛනිජ තෙල් අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී සඳහන් කළේ.

ඒ අනුව දින 19 කට ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග මේ වනවිට ඛණිජ තෙල් සංස්ථාව සතුව පවතින අතර, 17 සහ 18 යන දෙදින තුළ ඉන්ධන ටොන් 16,000  ක් මෙරටට රැගෙන ඒමට නියමිතයි.

එමෙන්ම 24 සහ 25 දෙදින තුළ තවත් ඉන්ධන ටොන් 15,000 ක් රැගත් නෞකා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

උද්ගතවී ඇති  ගල්ෆ් කලාපීය අර්බුදය හරහා ඉරානය සහ ඇමරිකාව අතර යුද තත්ත්වයක් ඇති වුවහොත් එම කලාපය තුළ ගමනාගමනයට අපහසුතා ඇතිවිය හැකි බැවින් සිංගප්පූරුව සහ මැලේසියාවෙන් ඉන්ධන තොග ලබාගැනීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව සැළසුම් කර ඇති බවද මෙහිදී අනාවරණ වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories