රුසියානු අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වේ

Thursday, 16 January 2020 - 7:37

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%9B+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%9A
රුසියානු අග්‍රාමාත්‍ය දිමිත්‍රි මෙද්වදේව් ප්‍රමුඛ රුසියානු ආණ්ඩුව ඉල්ලා අස්වී තිබෙනවා.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පාර්ලිමේන්තුවේ සහ කැබිනට් මණ්ඩලයේ බලතල ඉහළ නැංවීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බව නිවේදනය කිරීමත් සමගයි මොවුන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ.

ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ධුර කාලය 2024 වර්ෂයේදී අවසන් වීමට නියමිතයි. එහෙත් ඔහුට තවදුරටත් බලයේ රැඳී සිටීමට හැකිවන ලෙස මෙම නව ව්‍යවස්ථා සංශෝධනය සිදුකරනු ඇති බවටයි වාර්තාවන්නේ.

ඔහුට සහය දැක්වීමක් ලෙසටයි දිමිත්‍රි මෙද්වදේව් ප්‍රමුඛ ආණ්ඩුව මෙලෙස තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත්තේ.

2012 වසරේ අග්‍රාමාත්‍ය ධුරය භාරගත් දිමිත්‍රි මෙද්වදේව්, 2008 වසරේ සිට 2012 දක්වා රුසියාවේ තුන්වන ජනාධිපතිවරයා ලෙසින්ද කටයුතු කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories