අබුඩාබියේ දී රිය අනතුරකින් ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට

Friday, 17 January 2020 - 12:50

%E0%B6%85%E0%B6%B6%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අබුඩාබි රාජ්‍යයේ අල් රහා වෙරළ මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් ශ්‍රී ලාංකික කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

බස් රථයක්, ලොරි රථයක ගැටී ඊයේ සිදුවූ මෙම අනතුරෙන් ඇය ද ඇතුළුව පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරෙන් පාකිස්තාන ජාතික බස් රථයේ රියදුරා ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ජීවිතක්ෂයට පත්වූ අනෙක් පිරිස කාන්තාවන්.

මෙහිදී බස් රථයේ ගමන් ගත් තවත් 19 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් නේපාල ජාතිකයින් වනවා. තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයින් සහ උගන්ඩා ජාතිකයින් කිහිප දෙනෙකු ද වන බවයි වාර්තා වන්නේ.

බස් රථ රියදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතු වී තිබෙනවා.

මේ අතර, විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ මිය ගිය කාන්තාවන්ගේ සහ තුවාල ලැබූවන් පිළිබද තොරතුරු මේ වන විට ලබා ගනිමින් සිටින බවයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories