ඇවන්ගාඩ් සභාපති සේනාධිපතිට ඇප - චෝදනා 7000, 19ට අඩුවෙයි

Friday, 17 January 2020 - 15:58

%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+-+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F+7000%2C+19%E0%B6%A7+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇප මත මුදා හැරීමට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා.

ඒ, ඊට අදාළ නඩුව ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවූ අවස්ථාවේදීයි.

එමෙන්ම, මෙම නඩුවේ විත්තිකරුවන් පස් දෙනෙකු නිදහස් කිරීමටද විනිසුරු මඩුල්ල නියෝග කළා.

ඒ අනුව මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබූ රක්නා ලංකා ආරක්ෂක සමාගම, ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගම, යුද හමුදාවේ විශ්‍රාමික මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු සහ කරුණාරත්න බණ්ඩාර අධිකාරී එගොඩවෙල සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරියක් වන දමයන්ති ජයරත්න මෙලෙස නිදහස් කරනු ලැබුවා.

එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ මෙම නඩුවේ විත්තිකරු වන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති රුපියල් ලක්ෂ 05ක මුදල් ඇපයක් සහ ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.

අධිකරණයේ අවසරයකින් තොරව ඔහුට විදේශගතවීම තහනම් කිරීමටද මෙහිදී නියෝග කළ අතර, ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදීමටද නියෝග කළා.

ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන්ට එල්ල කර තිබෙන චෝදනා 7573න්, පවත්වාගෙන යා හැක්කේ චෝදනා 19ක් පමණක් බව පෙන්වා දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල, සෙසු චෝදනා සියල්ල දෝෂ සහගත සහ නීතිවිරෝධී ආකාරයෙන් ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන්නා.

ඒ අනුවයි නඩුවේ විත්තිකරුවන් පස් දෙනෙකු චෝදනාවලින් නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල නියෝග කළේ.

ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව ඉතිරි වී තිබෙන චෝදනා 19 පිළිබඳව නඩු විභාගය පෙබරවාරි මස 10 වැනිදා පැවැත්වීමටයි විනිසුරු මඩුල්ල තීන්දු කළේ.

මෙහිදී විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ රජයේ නීතිඥවරයාට පෙන්වා දුන්නේ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව පැමිණිල්ලට සලකා බැලීමට හැකියාව පවතින බවයි.

ගාලූ වරාය ආසන්න මුහුදේ නෞකාවක් තුළ නීතිවිරෝධී ලෙස බලපත්‍ර නොමැතිව ස්වයංක්‍රීය ගිනි අවි 813ක් සහ ජීව උණ්ඩ දෙලක්ෂ 935ක් තබා ගැනීම, ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories