සියලු රාජ්‍ය ආයතන, ජාල ගත කිරීම ගැන ජනපතිගේ අවධානය

Saturday, 18 January 2020 - 7:12

%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%94+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1%2C+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA
සියලූම රාජ්‍ය ආයතන එකම දත්ත ජාලයකට යොමු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමුවී තිබෙනවා.

ඒ රාජ්‍ය යාන්ත්‍රණයේ පවතින අකාර්යක්ෂමතාව, ප්‍රමාදය සහ දූෂණය පිටු දැකීම අරමුණු කර ගනිමින්.

ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ තොරතුරු තාක්ෂණ බලධාරින් සමග මීට අදාළ හමුවක් පැවති අතර, එහිදී ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ සේවාලාභියා සේවා සපයන්නා වෙත ගමන් කරනවා වෙනුවට අන්තර්ජාලය මගින් අදාළ සේවා සහ අනුමැතීන් සපයන ක්‍රමවේදයක් කඩිනමින් සකසන ලෙසටයි.

දත්ත එක් පද්ධතියකට ගැනීමෙන් කාලය අවම කර අකාර්යක්ෂමතාව සහ දූෂණය වළක්වා ගත හැකි බව ද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඔස්සේ ජනතාවට තොරතුරු සන්නිවේදනය යළි සක්‍රිය කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමුවී තිබෙනවා.

එසේම, රාජ්‍ය සේවයේ සිටින දක්ෂයින් ඉතා කඩිනමින් හදුනාගෙන නිපුණතා සංචිතයක් බිහි කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

ඒ අනුව, වහාම අදාළ පිරිස් හදුනාගෙන එම සංචිතය සදහා නිර්දේශ යොමුකරන ලෙස ද ජනාධිපතිවරයා සියලූ අමාත්‍යාංශ ලේකම්වරුන් උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර, ජාතික බාල දක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ පදවිය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත, ඊයේ නිල වශයෙන් ප්‍රදානය කරනු ලැබුවා.

ඒ සමගම සංගමයේ ප්‍රධාන අනුශාසක ධුරය ද ජනාධිපතිවරයාට පිරිනැමුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

රටට වැඩදායක සහ ගුණධර්මවලින් පෝෂණය වූ නිර්මාණාත්මක පුරවැසි පරපුරක් බිහි කිරීමට බාලදක්ෂ ව්‍යාපාරයේ අරමුණු ඉවහල් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එහිදී ප්‍රකාශ කර තිබෙනවා.

එසේම, අබුඩාබි එමිරේට්ස්හි ඔටුන්න හිමි කුමරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සන්නද්ධ හමුදාවේ නියෝජ්‍ය උත්තරීතර සේනාධිනායක ෂේක් මොහොම බින් සයිඞ් අල් නහ්යන් සිය උණුසුම් සුභාෂිංශන ජනාධිපතිවරයා වෙත පුදකර තිබෙනවා.

ඒ පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසෙමින්.

ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ දෙරට අතර ද්වීපාර්ශවික සබදතා ශක්තිමත් කර ගනිමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයකට පැමිණෙන්නැයි ඔටුන්න හිමි කුමරු එහිදී ජනාධිපතිවරයාට ආරාධනා කළ බවයි.

ඔටුන්න හිමි කුමරුගේ එම ආරාධනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිගත් බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories