චීනයේ සංචාරය කරන, ශ්‍රී ලාංකිකයින්ට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උපදෙස් මාලාවක්

Saturday, 18 January 2020 - 12:55

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
චීනයේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයන්ට අනුගමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ, නව වෛරස් ප්‍රභේදයක් චීනයේ වූහාන් ප්‍රාන්තය කේන්ද්‍ර කොට ගනිමින් වාර්තා වීමත් සමඟයි. ඒ අනුව චීනයේ සංචාරය කිරීමේදී ජනාකීර්ණ ස්ථානවල වැඩි වශයෙන් රැදී නොසිටින ලෙසත් මුහුණු ආවරණ භාවිත කරන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ දැනුම් දීමක් කරනවා.

මේ අතර, යම් රෝග ලක්ෂණ සහිතව පැමිණෙන මගීන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නිරෝධායන ඒකකයට යොමු කර අවශ්‍ය පරීක්ෂාවන් සිදුකිරීමට පියවර ගන්නා බව ද ඔහු කියා සිටියා.

මේ අතර, චීනයේ වූහාන් ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන පසුගිය දෙසැම්බරයේ සිට වාර්තා වූ නව අභිරහස් වෛරසය අපේක්ෂා නොකළ අන්දමින් දැනටමත් පැතිර ඇති බව බ්‍රිතාන්‍ය වෛද්‍ය විශේෂඥයින් පිරිසක් පෙන්වා දෙනවා.

ගෝලීය බෝවන රෝග පිළිබද ලන්ඩන් රාජකීය ආයතනයේ මහාචාර්ය නීල් ෆර්ගර්සන් කියා සිටියේ වෛරසය අවම වශයෙන් 1700කට ආසාදනය වී ඇති අතර, තායිලන්තය සහ ජපානයෙන් ද ආසාදිතයන් වාර්තා වන බවයි.

නව මාරාන්තික වෛරස් රෝගය සම්බන්ධයෙන් අවධානය යොමු කළ ඇමරිකා එක්සත් ජනපදය, එරට ගුවන් තොටුපළවල පරීක්ෂාවන් ද දියත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories