ශ්‍රී ලංකාවේ මාර්ග සිතියම වෙනස් වෙයි

Sunday, 19 January 2020 - 6:56

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ නව මාර්ග සිතියම එළැඹෙන 29 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා.

මිනුම්පති එස්.එම්.පී.පී.සංගක්කාර කියා සිටියේ වසර 06 කට පසු මෙලෙස නව මාර්ග සිතියම එළිදැක්වීමට දෙපාර්තමේන්තුව කටයුතු කරන බවයි.

අධිවේගී මාර්ග පිළිබඳ තොරතුරු සහ අලුතින් ඉදි වූ තවත් මාර්ග පිළිබඳව තොරතුරු මීට ඇතුළත්.

එමෙන්ම, රෝහල්, පොලිස් ස්ථාන ආදිය පිළිබඳවද තොරතුරු ඊට ඇතුළත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

ඒ අනුව විශේෂයෙන් මෙරටට සංචාරය කිරීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට නව මාර්ග සිතියම ප්‍රයෝජනවත් වනු ඇති බවයි මිනුම්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories