ජලවිදුලි උත්පාදනය අර්බුදයක - විදුලිබල මණ්ඩලයෙන් තෙල් සංස්ථාවට බිලියන 10 ක්

Sunday, 19 January 2020 - 12:47

%E0%B6%A2%E0%B6%BD%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A+-+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%BD+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+10+%E0%B6%9A%E0%B7%8A
පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලි උත්පාදනය ඉදිරි මාස කිහිපය තුළ අර්බුදකාරී තත්ත්වයකට පත්විය හැකි බව විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ වසරේ ආරම්භය වනවිට ජල විදුලි බලාගාරවල සියයට 90 ක ජල ධාරිතාවක් තිබුණද, මේ වනවිට පහත බසිමින් පවතිනවා.

ඊට හේතුවී ඇත්තේ පවතින දැඩි වියලි කාලගුණ තත්ත්වයයි. මේ වනවිට පුරෝකථනය කර ඇති පරිදි ඉදිරි මාස දෙක තුළ අඛණ්ඩව වියලි කාලගුණය පැවතියහොත් ජාතික විදුලි නිෂ්පාදන පද්ධතියේ මෙගාවොට් 300 ක පමණ හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතිනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුවද මැයි මාසය පමණ වනතුරු ප්‍රශස්ත වර්ෂාපතනයක් බලාපොරොත්තු වීමේ හැකියාවක් විය නොහැකියි.

මෙම තත්ත්වය මත විදුලි අර්බුදයට මුහුණදීම සඳහා අනුගමනය කළ යුතු සැළැස්ම පිළිබඳ සාකච්ඡා කරමින් පවතින බවයි විදුලිබල අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එමෙන්ම විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාවට ගෙවීමට ඇති රුපියල් බිලියන 84 ක ණය මුදලෙන් බිලියන 10 ක් ගෙවා දැමීමට සැළසුම් කර තිබෙනවා.

රාජ්‍ය බැංකුවක් මගින් ලබාගන්නා මූල්‍ය ප්‍රතිපාදන යටතේ එම මුදල තෙල් සංස්ථාව වෙත පියවීමට කටයුතු කරනු ඇති.

මේ අතර පවතින වියලි කාලගුණය හේතුවෙන් ලබන සතියේ සිට ගාල්ල නගරයට දෛනිකව රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories