ශාන්ත අබේසේකරට ඇප

Tuesday, 21 January 2020 - 12:40

%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%85%E0%B6%B6%E0%B7%9A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, 2004 වසරේ මන්ත්‍රීවරයාගේ නිවසේ තිබී නීතිවිරෝධී ගිනි අවියක් පොලිස් භාරයට ගැනීමේ සිද්ධියට අදාළ නඩුව හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ. කහදගම හමුවේ අද සලකා බැලූ අවස්ථාවේදියි.

මන්ත්‍රීවරයාට මෙලෙස ඇප නියම වූයේ මාස තුනකට ආසන්න කාලයකින් අනතුරුවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories