සමන්තුරේ සුසාන භූමියකින් ගිනි අවියක් ඇතුළු පතොරොම් හමුවෙයි

Wednesday, 22 January 2020 - 11:01

%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B7%83%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සමන්තුරේ - උප්පිරිමලෙයි මුහල්ලා සුසාන භූමියේ වළ දමා තිබියදී ටී - 56 වර්ගයේ ස්වක්‍රීය ගිනි අවියක් හා පතොරොම් කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා.

ඒ, අම්පාර පොලිස් විශේෂ බලකා කදවුරේ නිලධාරීන්ට ඊයේ ලද තොරතුරකට අනුවයි. ටී - 56 ගිනි අවි සදහා යොදන හිස් පතොරොම් ගැබක්, 84 එස් වර්ගයේ ගිනි අවි සඳහා යොදන හිස් පතොරොම් ගැබක් ද මෙහිදී සොයා ගැනුණා.

සමන්තුරෙයි පොලීසිය සදහන් කළේ සොයා ගත් ගිනි අවිය වසර 5ක් පමණ පැරණි බවට සැක කරන බවයි. මේවා වළ දැමුවේ කවුරුන්ද යන්න සෙවීම සඳහා විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories