රිය අනතුරු කිහිපයකින් 18 දෙනෙකුට තුවාල

Wednesday, 22 January 2020 - 12:50

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+18+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
තෙල්දෙණිය සහ යාපනය - නාවට්කුලි ප්‍රදේශයේ අද සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලැබුවා.

මහනුවර - මහියංගණය ප්‍රධාන මාර්ගයේ තෙල්දෙණිය රඹුක්වැල්ල විහාරස්ථානය අසලදී මගීන් රැගත් ශ්‍රී ලංගම බස්රථයක් පෙරළි යාමෙන් එහි ගමන් ගත් මගීන් 10 දෙනෙකු තුවාල ලබා ඇතුලත් කෙරුණේ තෙල්දෙණිය මූලික රෝහලටයි.

මේ අතර කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් යාපනය නාවට්කුලි ප්‍රදේශයේදී අද අළුයම පෙරලී යාමෙන් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලැබුවා.

අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රදේශයට අධික මීදුම් තත්ත්වයක් ද පැවති බවයි වාර්තා වන්නේ.

තුවාලකරුවන් යාපනය රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන්.

එමෙන්ම නාරම්මල - කුරුණෑගල මාර්ගයේ ගනේගොඩ ප්‍රදේශයේ ඊයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් 5 දෙනෙකු බරපතල තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුළත් කෙරුණා.

මිය ගිය කාන්තාව 58 හැවිරිදි වියේ පසුවන සියඹලාගස්කොටුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිසිය සඳහන් කළේ.

කුරුණෑගල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ නවතා තිබූ බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි තවත් ලොරි රථයක ගැටී අසළ තිබූ ත්‍රිරෝද රථයක ද ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories