අසාද් සාලි බොරු සාක්ෂි දෙයි - ජනපති කොමිසමෙන් දැඩි අවවාද

Wednesday, 22 January 2020 - 19:17

%E0%B6%85%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B7%9C%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%80%E0%B7%8F%E0%B6%AF
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණි අවස්ථාවේදී ආවේගශීලී ලෙස හැසිරීම හේතුවෙන්  බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එම කොමිසම දැඩි ලෙස අවවාද කර තිබෙනවා.

මීට අමතරව එම කොමිසමේ නියෝග පිළි නොගන්නේ නම් දඬුවම් ලබාදීමට කටයුතු කරන බවයි එහි සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි කොමිසම හමුවේ කියා සිටියේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ලබාදුන් සාක්ෂියක් තමන්ට වැරදී ඇති බවයි.

එහිදි අසාද් සාලි පවසා ඇත්තේ පාස්කු ප්‍රහාරයට සතියකට පෙර තමන්ගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලේඛණ සහිතව මෙවන් ප්‍රහාරයක් සිදුවිය හැකි බවට දැනුම්දීමක් සිදුකළ බවයි.

ඒ අනුව තමන් වහාම ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයා දැනුවත් කළද ඔවුන් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවූ බවයි හිටපු ආණ්ඩුකාරවරයා එහිදී ප්‍රකාශ කර තිබුණේ.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අසාද් සාලි සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන ලේඛනය සහිත දැනුවත් කිරීම තමන්ගේ ආරක්ෂක නිලධාරියා විසින් සිදුකරනු ලැබුවේ පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ලවූ දිනයේ බවයි.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ සුහර්ෂි හේරත් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගෙන් ප්‍රශ්න කරන අවස්ථාාවේදී ඔහු ආවේගශීලී ලෙස නුසුදුසු ආකාරයෙන් අධිනීතීඥවරියට ආමන්ත්‍රණය කර තිබෙනවා.

එම අවස්ථාවේදී කොමිසම හිටපු ආණ්ඩුකාරවරයාට දැඩි ලෙස අවවාද කර ඇති අතර, කොමිසමේ ප්‍රධාන විනිසුරු ජනක් ද සිල්වා ඔහුට කියා සිටියේ කොමිසමේ නිලධාරින්ට ගෞරවාන්විතව ආමන්ත්‍රණය කළ යුතු බවයි.

එසේ නොවන්නේ නම් දැඩි දඬුවම් ලබාදිය හැකි බවද අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ඔහුට ප්‍රකාශ කර තිබෙනවා.

එම අවස්ථාවේදී සාක්ෂි ලබාදීම සඳහා පැමිණ සිටි බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අධිනීතීඥවරියගෙන් සමාව අයැද ඇති බව සඳහන්.

මේ අතර හෙට දිනයේදී ද හිටපු බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා කොමිසම හමුවේ සාක්ෂි ලබාදීම සඳහා කැඳවා තිබෙනවා.

ඔහුට අමතරව තෙල්දෙණිය සහකාර පොලිස් අධිකාරීවරයා, මාවනැල්ල ඉඩම් පිටිය ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරිය සහ මාවනැල්ල හිඟුල උඩකොටස ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාද සාක්ෂි ලබාදීම සඳහා හෙට කොමිසමට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව සඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories