ලංගමයේ විෂමාචාර සිද්ධීන් විමර්ශනයට කමිටුවක්

Thursday, 23 January 2020 - 14:15

%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B6%B8%E0%B7%8F%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ඇති ඩිපෝවල සිදුවන විවිධ විෂමාචාර සිද්ධීන් විමර්ශනය කිරීම සදහා කමිටුවක් පත් කර තිබෙනවා.

ප්‍රවාහන සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර විසින් මෙම කමිටුව පත් කරන ලෙසට අමාත්‍යාංශ ලේකම් ගාමිණී සෙනෙවිරත්නට උපදෙස් ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ලංකා ගමනා ගමන මණ්ඩලය සම්බන්ධව එල්ල වී ඇති චෝදනා හා පැමිණිලි විමර්ශනය කර සති දෙකක් ඇතුළත වාර්තාව ලබාදෙන ලෙසටයි දැනුම් දී ඇත්තේ.

මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තිලකරත්න බණ්ඩාර පත් කිරීමට නියමිතයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories