විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිගෙන් CCDයට උපදෙස්

Thursday, 23 January 2020 - 17:43

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+CCD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
වැඩ තහනම් කර ඇති, ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය වරෙන්තුවක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා, කොළඹ අපරාධ කොට්ඨාශයට උපදෙස් ලබාදී තිබෙනවා.

එසේම, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග සංවාදයේ නිරත වුණු විනිසුරුවරුන්ගේ දුරකථන සංවාද පිළිබඳව තාක්ෂණික සාක්ෂි, එම සේවා සපයන ආයතන වෙතින් ලබා ගැනීමට වහාම කටයුතු කරන ලෙසයි නීතිපතිවරයා වැඩිදුරටත් කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම්දී ඇත්තේ.

දැනට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වන නඩුවට අදාළව මෙම දැනුම්දීම සිදුකර ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග, දුරකථන සංවාදවල නිරත වූ හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක, ගිහාන් පිලපිටිය සහ ධම්මික හේමපාල යන විනිසුරුවරුන්ගෙන් පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ ද සටහන් කර ගත්තා.  

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී ඇත්තේ අධිකරණමය නීති කාර්යයක යම් අවස්ථාවකදී පාවිච්චි කරනු ලැබීමේ කාර්ය සඳහා බොරු සාක්ෂි සෑදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේයි.

දැනට ඉදිරිපත් වී ඇති සාක්ෂි හා කරුණු සලකා බැලීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 ඇ -2 වන ව්‍යවස්ථාව යටතේ වැරදි සිදුකර ඇති බවට කරුණු අනාවරණ වී ඇති බව නීතිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

එසේම, මන්ත්‍රීවරයා සහ විනිසුරු ගිහාන් පිලපිටිය දණ්ඩනීති සංග්‍රහයේ 102, 113 - අ වගන්තිය සමග කියවිය යුතු 190 වන වගන්තිය යටතේ වැරදි සිදුකර ඇති බවයි නීතිපතිවරයා සිය මතය ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී ඇත්තේ.

මේ අතර, තමන් සතු හඬපට පාර්ලිමේන්තුවේ සභාගත කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පැවසුවද මෙතෙක් කිසිදු හඬ පටයක් පාර්ලිමේන්තුවට භාර දී නැතැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගිය 21 වෙනිදා ඔහුගේ ආන්දෝලනාත්මක හඬපට සම්බන්ධයෙන්
පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කළා.

කෙසේවෙතත්, එදින පාර්ලිමේන්තුවේ කටයුතු අවසාන වන විටත් කිසිදු හඬපටයක් පාර්ලිමේන්තුවට භාර දීමට මන්ත්‍රීවරයා සමත්ව තිබුණේ නැහැ.

ඊට පසු දින පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා අදාල හඬ පට භාරදුන්නේදැයි විමසුවා.

නමුත් ඊයේ පස්වරු 6 වනවිටත් කිසිදු හඬ පටයක් පාර්ලිමේන්තුවට භාර දී තිබුණේ නැහැ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories