කථානායකගෙන් මහබැංකු අධිපතිවරයාට ලිපියක්

Friday, 24 January 2020 - 7:34

%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අදාළ ඇමුණුම් සහිතව වෝහාරික විගණන වාර්තා කඩිනමින් පාර්ලිමේන්තුවට යොමුකරන ලෙස කතානායක කරූ ජයසූරිය මහ බැංකු අධිපතිවරයා වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

ඒවා නොමැතිව මහ බැංකු බැඳුම්කර සම්බන්ධ වෝහාරික විගණන වාර්තා 05 අසම්පූර්ණ බවයි කතානායකවරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා හරහා ඊයේ ලිපියක් මහ බැංකු අධිපතිවරයාට දැනුම් දී ඇත්තේ.

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශයට අනුකූලව මහ බැංකුව විසින් සිදුකරන ලද වෝහාරික විගණනයෙන් අනාවරණ වූ කරුණු මෙම වාර්තාවලට ඇතුළත් වනවා.

වාර්තා අසම්පූර්ණ බවට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුවේදී අවස්ථා කිහිපයකදී කරුණු දක්වා සිටියා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories