මවක සහ දියණියක බස් රථයකට යටවී මරුට

Friday, 24 January 2020 - 14:10

%E0%B6%B8%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
කිතුල්ගල - ගෝනගමුව මංසන්ධියේදී බස් රථයකට යටවීමෙන් මවක සහ දියණියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනුරාධපුර වන්දනාවේ යාමට පෞද්ගලික බස් රථයකින් පැමිණි මෙම මව සහ දියණිය අද අලුයම ගෝනගමුව මංසන්ධියේදී වෙනත් බස් රථයකට මාරුවීමට යාමේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් පැමිණි බස් රථයටම මෙලෙස යටවී ඇති අතර, පොලීසිය සඳහන් කළේ එහි තිරිංග දෝෂයක් හේතුවී ඇති බවයි.

ඔවුන් යටියන්තොට - වැලිහෙළතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මියගිය මවගේ වයස අවුරුදු 80ක් වන අතර, දියණිය 47 හැවිරිදි වියේ පසුවනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories