අධිකරණයට අපහාස කළ චෝදනාවකට නීතිඥ අජිත් ප්‍රසන්න රිමාන්ඩ්

Friday, 24 January 2020 - 15:58

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%84%E0%B7%8F%E0%B7%83+%E0%B6%9A%E0%B7%85+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5+%E0%B6%85%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
මාධ්‍ය හමුවකදී අධිකරණයට අපහාස කළ බවට වන චෝදනාවකට අදාළව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු අද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී අජිත් ප්‍රසන්නගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමෙන් අනතුරුව චෝදනා ගොනුකිරීමට ද නියෝග කෙරුණා.

අධිකරණ ක්‍රියාවලියක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුව අජිත් ප්‍රසන්නට එරෙහිව නඩු පවරා තිබූ අතර, ඊට අදාළ නොතීසි නිකුත් කිරීමෙන් අනතුරුව අද ඔහු අධිකරණය හමුවේ පෙනී සිටියා.

අලිපැටවෙකු ළඟ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සම්බන්ධ, නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග හමුවේ විභාග කිරීම පිළිබඳව අජිත් ප්‍රසන්න මාධ්‍ය සාකච්ඡාවකදී දැක්වූ අදහස් මගින් අධිකරණයට අපහාස කළ බවටයි මෙහිදී චෝදනා එල්ල වී ඇත්තේ.

ඊට අදාළව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විසින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ පසුගියදා කරුණු වාර්තා කළා.  

ඒ අනුව, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ සංවිධාන පනතේ 18 වගන්තිය යටතේ පියවර ගැනීමට කටයුතු කරන බවත්, වැරදි පිළිබඳව අනාවරණය වුවහොත් එම පනත ප්‍රකාරව අවුරුදු 5 දක්වා බරපතල වැඩ සහිතව හෝ රහිතව බන්ධනාගාර ගත කිරීමට සිදුවන බවත්, රජයේ අධිනීතිඥවරයා අද අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

තමාට කුමන චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් වීමට නොතීසි නිකුත් කළේ දැයි නොදන්නා බවත්, තමාට උපදෙස් ලබා ගැනීම සඳහා නීතිඥ සහය අවශ්‍ය වන බවත්, එහිදී මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු අජිත් ප්‍රසන්න අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

ඒ අනුව, තමාට මෙම නඩුව සඳහා සූදානම් වීමට කාලය ලබා දෙන ලෙස ද ඒ සඳහා තමාට ඇප ලබා දෙන ලෙස ද, මේජර් අජිත් ප්‍රසන්න අධිකරණයෙන් ඉල්ලා සිටි බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත්, එහිදී ඔහුට ඇප ලබා නොදුන් අතර, ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories