රජය වී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 20 ක් මිලදී ගැනීමට අපේක්ෂාවෙන්

Saturday, 25 January 2020 - 7:27

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%99%E0%B6%A7%E0%B7%92%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+20+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ප්‍රමිතියෙන් යුතු වී කිලෝවක් රුපියල් 50 ක අවම සහතික මිලකට මිලදී ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී තිබෙනවා.

ඒ අනුව, වී මිලදී ගන්නා ස්ථානවලට රැගෙන එන වී තොග වල උපරිම තෙතමනය සියයට 14 ක් විය යුතු බවත්, උපරිම බොල් ප්‍රමාණය සියයට 9 ක් වන නිසි ප්‍රමිතියෙන් තිබිය යුතු වනවා.

එම සීමාව ඉක්මවන වී තොග මිලදී ගනු ලබන්නේ රුපියල් 44 ක මිලකටයි.

මිලදී ගන්නා වී තොග සදහා අදාළ ගොවියා නමින් වටිනාකම සදහන් ගෙවීම් සහතික පත්‍රයක් ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් නිකුත් කරනු ලබනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ අක්කර 1 ත් 3 ත් අතර වී කිලෝ 3000 ක් සහ අක්කර 3 ත් 5 ත් අතර වී කිලෝ 5000 ක් මිලදී ගනු ලබන බවයි.

මෙවර මහ කන්නයේ මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 20 ක ප්‍රමාණයක වී මිලදී ගැනීමට හැකිවනු ඇති බවටයි රජය අපේක්ෂා කරන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories